Home » ලිවිසැරිය

ලිවිසැරිය

by Gayan Abeykoon
January 9, 2025 1:38 am 0 comment

මර­ණයේ සෙව­ණැලි හා භූතයෝ

 

මේ මර­ණය පිළි­බඳ සමාජ විද්‍යා­ත්මක හා දාර්ශ­නික විග්‍ර­හ­යකි. මෙහි කර්තෘ­ව­රයා විසින් අත්දුටු මර­ණය සහ එහි සෙව­ණැලි තුළින් මෙහෙය වූ සිතු­විලි සමු­දා­යක් හේතු­කො­ට­ගෙන මෙම කෘතිය ලියා පළ කිරී­මට මූල බීජ සප­යන ලදි. මර­ණය සිදු­වන්නේ කෙසේද, මර­ණයේ ඉඟි, ජීව­ත්වී­මට ඇති ආශාව,  මරණ දැන්වීම්,  මෘත දේහය කල්තබා ගැනීම, ළදරු මරණ, සමූල ඝාත­නය, වෘද්ධ විද්‍යාව යනාදී මාතෘකා 51ක් මෙහි කතා කොට ඇත. ඔබ ගෙනා කිසි­වක් නැත. අව­සා­නයේ ගෙන යන කිසි­වක් ද නැත. එසේ නම් කුමට දුක් වෙනුද?  භග­වත් ගීතාවේ උපු­ට­න­යෙන්  පිටු 180ක් නිමවා මෙය නිමාව දකී.

කර්තෘ – වල­තර සෝභිත හිමි

ප්‍රකා­ශ­නය – පරම විචි­ත්‍රා­නන්ද මහා විහා­රය ගාල්ල.

මිල – රු 280.00 කි.


 

මුම්මා­රිය

 

මේ කුඩා ප්‍රමා­ණයේ නව­ක­තා­වකි. මෙහි ඩිංගි­රිගේ සහ තනි­යගේ චරි­තත් මී පැණි හා වී කරල් යන සංක­ල්පත් වටා ගොවි ජීවි­තය කේන්ද්‍ර­කොට ගෙන ලියැවී ඇත. මෙහි එන සියලු චරිත මනඃක­ල්පි­තය. මහි­යං­ග­ණය, රත්කිඳ ජලා­ශය ඇතුළු අවට ප්‍රදේ­ශ­වල උප­සං­ස්කෘ­තිය, භාෂාව යනා­දිය ගැන විමසා බලා මෙයට ඇතු­ළත් කොට ගෙන ඇත.

කර්තෘ  – රාජ ශ්‍රී පීරිස්

ප්‍රකා­ශ­නය – සීමා­ස­හිත ඇම්.ඩී. ගුණ­සේන සහ සමා­ගම.

මිල – රු 700.00 කි.

 


ඉසො­ප්ටේරා

නව­ක­තා­වකි. මෙහි පිටු 642කි. මෙය තර­මක් විශා­ලය. මනුස්ස ජීවිතේ හැල හැප්පීම්, ගොඩ­නැඟීම් බිඳ­වැ­ටීම්, හේතු සහිත සංසි­ද්ධිය, අහේ­තුක සංසිද්ධි මෙහි ඇතු­ළත්ව ඇත. ඇතැම් විට කතු­ව­ර­ය­කුගේ ජීවන අත්දැ­කීම්ද මෙහි නිර්මා­ණා­ත්ම­කව ඉදි­රි­පත් කර­න්නට පෙළඹී ඇත.

කර්තෘ  – දිලිනි කෞෂල්‍යා ජය­සූ­රිය.

ප්‍රකා­ශ­නය – සීමා­ස­හිත ඇම්.ඩී. ගුණ­සේන සහ සමා­ගම.

මිල – රු 2300.00 කි.

 

 

 


 

සිතක බලය

 

සුගති, දුගති දෙලො­වක් අතර සිත රැඳී පවතී. තම සිත ගැන මනා ලෙස හඳු­නා­ගෙන, දුග­ති­ගාමී නොවී සුග­ති­ගාමී වීමට අදි­ටන් කර ගැනී­මට කදිම උප­දේ­ශන මාලා­වක්  මෙම ග්‍රන්ථය මඟින් පාඨ­ක­යාට ලබා­දෙයි.

කර්තෘ – මැල්ලව ගෙදර සමන ධම්ම හිමි

ප්‍රකා­ශ­නය – මෙය සිතක බලය සම්බ­න්ධ­යෙන් ලියැ­වුණු ධර්ම සංග්‍ර­හ­යකි. සූත්‍ර පිට­කය ඇසුරු කොට ගෙන මෙය සම්පා­ද­නය කොට ඇත.

 

 


 

බකිං­හැම් මාලි­ගයේ මෘගයා

David walliams the BEAST of BACKINGHAM PALaCE ග්‍රන්ථයේ පරි­ව­ර්ත­න­යයි.  මෙහි සිතු­වම් ද සහි­තය. සිතු­වම් Tony Ross  සිදු කර ඇත. ත්‍රාසය, කුතු­හ­ලය, වීර­ත්වය, පිරුණු මේ රස­වත් නව­ක­තාව යොවුන් වියේ පසු­වන දරු­වන්ට මෙන්ම වැඩි­හි­ටි­ය­න්ටද එක සේ රස­වි­ඳිය හැකියි.

පරි­ව­ර්ත­නය – කත්‍යානා අම­ර­සිංහ

ප්‍රකා­ශ­නය – සම­ය­ව­ර්ධන පෞද්ග­ලික සමා­ගම.

මිල – රු 1975.00 කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT