මරණයේ සෙවණැලි හා භූතයෝ
මේ මරණය පිළිබඳ සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්රහයකි. මෙහි කර්තෘවරයා විසින් අත්දුටු මරණය සහ එහි සෙවණැලි තුළින් මෙහෙය වූ සිතුවිලි සමුදායක් හේතුකොටගෙන මෙම කෘතිය ලියා පළ කිරීමට මූල බීජ සපයන ලදි. මරණය සිදුවන්නේ කෙසේද, මරණයේ ඉඟි, ජීවත්වීමට ඇති ආශාව, මරණ දැන්වීම්, මෘත දේහය කල්තබා ගැනීම, ළදරු මරණ, සමූල ඝාතනය, වෘද්ධ විද්‍යාව යනාදී මාතෘකා 51ක් මෙහි කතා කොට ඇත. ඔබ ගෙනා කිසිවක් නැත. අවසානයේ ගෙන යන කිසිවක් ද නැත. එසේ නම් කුමට දුක් වෙනුද? භගවත් ගීතාවේ උපුටනයෙන් පිටු 180ක් නිමවා මෙය නිමාව දකී.
කර්තෘ – වලතර සෝභිත හිමි
ප්රකාශනය – පරම විචිත්‍රානන්ද මහා විහාරය ගාල්ල.
මිල – රු 280.00 කි.
මුම්මාරිය
මේ කුඩා ප්‍රමාණයේ නවකතාවකි. මෙහි ඩිංගිරිගේ සහ තනියගේ චරිතත් මී පැණි හා වී කරල් යන සංකල්පත් වටා ගොවි ජීවිතය කේන්ද්‍රකොට ගෙන ලියැවී ඇත. මෙහි එන සියලු චරිත මනඃකල්පිතය. මහියංගණය, රත්කිඳ ජලාශය ඇතුළු අවට ප්‍රදේශවල උපසංස්කෘතිය, භාෂාව යනාදිය ගැන විමසා බලා මෙයට ඇතුළත් කොට ගෙන ඇත.
කර්තෘ – රාජ ශ්‍රී පීරිස්
ප්රකාශනය – සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
මිල – රු 700.00 කි.
ඉසොප්ටේරා
නවකතාවකි. මෙහි පිටු 642කි. මෙය තරමක් විශාලය. මනුස්ස ජීවිතේ හැල හැප්පීම්, ගොඩනැඟීම් බිඳවැටීම්, හේතු සහිත සංසිද්ධිය, අහේතුක සංසිද්ධි මෙහි ඇතුළත්ව ඇත. ඇතැම් විට කතුවරයකුගේ ජීවන අත්දැකීම්ද මෙහි නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට පෙළඹී ඇත.
කර්තෘ – දිලිනි කෞෂල්‍යා ජයසූරිය.
ප්රකාශනය – සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
මිල – රු 2300.00 කි.
සිතක බලය
සුගති, දුගති දෙලොවක් අතර සිත රැඳී පවතී. තම සිත ගැන මනා ලෙස හඳුනාගෙන, දුගතිගාමී නොවී සුගතිගාමී වීමට අදිටන් කර ගැනීමට කදිම උපදේශන මාලාවක් මෙම ග්‍රන්ථය මඟින් පාඨකයාට ලබාදෙයි.
කර්තෘ – මැල්ලව ගෙදර සමන ධම්ම හිමි
ප්රකාශනය – මෙය සිතක බලය සම්බන්ධයෙන් ලියැවුණු ධර්ම සංග්‍රහයකි. සූත්‍ර පිටකය ඇසුරු කොට ගෙන මෙය සම්පාදනය කොට ඇත.
බකිංහැම් මාලිගයේ මෘගයා
David walliams the BEAST of BACKINGHAM PALaCE ග්‍රන්ථයේ පරිවර්තනයයි. මෙහි සිතුවම් ද සහිතය. සිතුවම් Tony Ross සිදු කර ඇත. ත්‍රාසය, කුතුහලය, වීරත්වය, පිරුණු මේ රසවත් නවකතාව යොවුන් වියේ පසුවන දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද එක සේ රසවිඳිය හැකියි.
පරිවර්තනය – කත්‍යානා අමරසිංහ
ප්රකාශනය – සමයවර්ධන පෞද්ගලික සමාගම.
මිල – රු 1975.00 කි.