Home » පොඩි මැණිකේ රියදුරා නිසා සිදුවීමට ගිය විශාල හානියක් වැළකෙයි

පොඩි මැණිකේ රියදුරා නිසා සිදුවීමට ගිය විශාල හානියක් වැළකෙයි

by yasara
January 9, 2025 4:52 pm 0 comment

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී අද (9) පස්වරුවේ  දුම්රිය මර්ගයට ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005දරන පොඩිමැනිකේ දුම්රියේ දුම්රිය රියදුරු දුම්රිය මාර්ගයේ රේල් පීල්ල කැඩි ඇති අයුරු කල් තියා දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .

කොළඹ කොටුව සිට පැමිණි අංක 1005 දරන පොඩිමැනිකේ දුම්රිය දැනට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අතරමග නවතා තබා ඇති බවත් උසස් නිළධාරියකු කීහ .

දුම්රිය මාර්ගය සකස් කිරිමට ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් එම ස්ස්ථානය ට යැවීමට කටයුතු සිදු කර ඇති බවත් , බදුල්ල සිට මහනුවර  බලා ධාවනය වූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .

මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT