69
ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිරදඬුවමක් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රතික්ෂේප කළේය.
ඥානසාර හිමියන්ට ලබාදුන් දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු ඥානසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස නීතිඥවරුන් මෙම ඇප ඉල්ලීම සිදුකළහ.
කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.