රුපියල් විසි නව ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (08) දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු පුත්තලම , වෙප්පමඩු ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි , ඩුබායි හි වසර දෙකක සේවා කාලයක් සපුරා මෙරටට එමින් සිටි පුද්ගලයෙකි .
ඔහු ඊයේ රාත්‍රී 07.30 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 19,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 99 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔහු සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගය , එළඹෙන 01/15 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .