Home » විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

by yasara
January 9, 2025 3:22 pm 0 comment

රුපියල් විසි නව ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (08)  දින රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු පුත්තලම , වෙප්පමඩු ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි , ඩුබායි හි වසර දෙකක සේවා කාලයක් සපුරා මෙරටට එමින් සිටි පුද්ගලයෙකි .

ඔහු ඊයේ රාත්‍රී 07.30 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 19,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 99 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ වනවිට මෙම ගුවන් මගියා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , ඔහු සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ දුම්වැටි තොගය , එළඹෙන 01/15 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT