Home » සහල් ආනයනය කිරීමට දුන් කාලය හෙටින් අවසන්

සහල් ආනයනය කිරීමට දුන් කාලය හෙටින් අවසන්

by yasara
January 9, 2025 11:22 am 0 comment

සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට ලබා දී තිබෙන අවසර කාලය හෙට (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.

සහල් හිඟයට විසදුමක් වශයෙන් රජය පසුගිය 4 දා සිට පෞද්ගලික අංශයටත් සහල් ආනයනය කිරීමට අවසර ලබා දුන් අතර, ඒ අනුව ආනයනකරුවන් ඊයේ (8) වනවිට සහල් මෙට්‍රික් ටොන් 115000 ක් පමණ  ආනයනය කර තිබුණි.

කෙසේ වෙතත්  කාලය අවසන් වීමට සතියකට  පෙර සිටම සහල් ආනයනය කිරීම නතර කළ බවයි  ආනයනකරුවන් පවසයි.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ද සහල් මෙට්‍රික් ටොන් 980 ක් ආනයනය කර ඇත.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT