Monday, April 21, 2025
Home » රටම කැළඹු විභාගයේ ප්‍රතිඵල දවස් 40න්

රටම කැළඹු විභාගයේ ප්‍රතිඵල දවස් 40න්

by chanaka
January 9, 2025 10:27 am 0 comment

මෙරට ආන්දෝලනයට තුඩුදුන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ඊයේ (08) සිට ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇගයීම් කටයුතු එළඹෙන 12 වැනිදා දක්වා පැවැත්වෙන බවත් විභාග ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් කරන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

2024 සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් විභාගයට පෙර පිට වී ඇති බව පවසමින් රට තුළ ආන්දෝලනයක් ඇති විය.

කෙසේ වෙතත් එම සිදුවීම සම්බන්ධයෙන් මවුපියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ අතර ඒ නඩුවල තීන්දු පසුගිය 31 වැනිදා ප්‍රකාශයට පත් විය.

ඒ අනුව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන ප්‍රශ්න 03ට සියලුම අපේක්ෂකයන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 01 වැනිදා තීරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT