Home » මගීන් අතරමඟ බැස්සවූ බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

මගීන් අතරමඟ බැස්සවූ බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

by sachintha
January 8, 2025 12:25 am 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලීසිය සිදු කරන බස් රථ පරීක්ෂාවට විරෝධය දක්වමින් පාණදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මගීන් බස්සවා ගමන් කළ මර්ග අංක 100 පාණදුර – කොළඹ බස් රථයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

මහමඟ මගීන් බස්සවා ගමන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතු අවසන් වනතෙක් අදාළ බස් රථයේ රියැදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ බලපත්‍ර ද තාවකාලිකව අත්හිටුවීමට ද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇත. පාණදුර උතුර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් බුද්ධි අංශ නිලධාරීන් සමඟ එක්ව පාණදුර පාලම අසල බස් රථ පරීක්ෂාව සිදු කර තිබේ.

එහිදී බස් රථයක් නතර කර පොලිස් නිලධාරීන් විසින් රියැදුරුට වැරැද්ද පැහැදිලි කර දීමෙන් පසු පාණදුර උතුර රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් දඩ පත්‍රිකාවක් දී තිබේ. ඊට විරෝධය පළ කළ රියැදුරු මෙසේ මඟීන් මහමඟ බස්සවා බස් රථය නැවත හරවාගෙන යෑමට කටයුතු කර තිබිණි.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT