“කාර්යක්ෂමව හා නිවැරදිව නඩු තීන්දු ගැනීමට අධිකරණයට සහයෝගය දක්වන්න” යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (07) දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියට දැඩි ලෙස අවවාද කළේය. රුපියල් මිලියන හතක බදු මුදලක් නොගෙවූ බව කියන පෞද්ගලික ආයතනයකට එරෙහිව ගොනු කළ නඩුවට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියට මීට පෙර කළ නියෝගයකට අනුව වෙනත් නිලධාරිනියක අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම අවවාදය කරන ලදි.
රුපියල් මිලියන හතක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් පෞද්ගලික ආයතනයකට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා සඳහන් කරනු ලැබුවේ ඊයේ දින කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය හදිසි අසනීප තත්ත්වයක් නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවත් ඒ සඳහා සමාව අයැද සිටින බවත්ය.
ඇය වෙනුවෙන් කොමසාරිස් රසිකා සිරිවර්ධන මහත්මිය අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබීය.
අධිකරණය තුළ කාර්යක්ෂමව සහ නිවැරදි නඩු තීන්දු ගැනීමට අධිකරණයට සහයෝගය දැක්වීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කල්පනි අබේසිංහ