ශ්‍රී ලංකාව චීනය සමඟ පවත්වාගෙන යන සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේත් මහජන චීන සමූහාණ්ඩුවේත් ආයතන කිහිපයක් අතර අවබෝධතා සහ සහයෝගිතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට රජය තීරණය කර තිබේ.
මේ යටතේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ගුවන්විදුලි සහ රූපවාහිනී පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චීනයේ ෂින්හුවා පුවත් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජිතය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුමක් ද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ චීන මාධ්‍ය සමූහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුමක් ද මේ යටතේ අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම් අත්සත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර පෙරේදා (06) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් හමුවේදී මේ යෝජනාවට අනුමැතිය පළ වී තිබේ.
නුවන් කොඩිකාර