ලාදුරු රෝගය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ලෝකයේ රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇතැයි ජාතික ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය “දිනමිණ“ට ඊයේ (06) පැවසීය.
2023 වසරේ ලාදුරු රෝගීන් 1690ක් මෙරටින් වාර්තා වූ අතර 2024 වර්ෂයේදීත් එම සංඛ්‍යාවම වාර්තා වී ඇති බවට අනුමාන කරන බව ද ඇය පැවසුවාය.
පසුගිය වසරේදී මෙරටින් වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගේ සංඛ්‍යාව ගණන් බලමින් සිටින බවත් කිසියම් රටකින් රෝගීන් 1000කට වඩා වාර්තා වන්නේ නම් එම රට අවදානම් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරන බවත් ඇය ප්‍රකාශ කළාය.
මේ මස අවසන් ඉරිදා වන 26 වැනිදා ලෝක ලාදුරු මර්දන දිනය වන අතර එදින එම දිනය සමරමින් නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි ද ඇය පැවසුවාය.
සන්ධ්‍යා කරුණාරත්න