Home » පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් පාලන නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කෙරේ

by chanaka
January 7, 2025 9:33 pm 0 comment

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට සහ අලුතින් නාමයෝජනා කැඳවීමට හැකිවන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත් ගැසට් කර තිබේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව මීට පෙර පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අවලංගු වනු ඇත.

එමන්ම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද අදාළ කෙටුම්පතෙන් දක්වා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT