Thursday, April 24, 2025
Home » පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 4ක් මරුට 32කට තුවාල

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 4ක් මරුට 32කට තුවාල

by sachintha
January 7, 2025 1:33 am 0 comment

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ හමුදා සෙබළුන් පිරිසක් ගමන් ගත් මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කරමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් පුද්ගලයන් 32 දෙනකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. කරච්චි නුවර සිට බලුකිස්තානයේ ටර්බට් නුවර බලා ධාවනය වූ එම බස් රථය නිව් බහ්මාන් ප්‍රදේශයේදී පිපිරීමට ලක්වී ගිනි ජාලාවක් පැතිරී ගිය බවත් පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රෝහල්ගත කළ තුවාලකරුවන්ගෙන් පස්දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ.

බලුකිස්තානයේ ක්‍රියාත්මක වන බලුකිස්තාන විමුක්ති හමුදාව ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි ද, පාකිස්තානය තුළ තහනම් කර ඇති එම සංවිධානය විසින් සිදු කළ ප්‍රහාරය හෙළා දකින බවට පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් නිවේදනයක් නිකුත් කර ඇතැයි ද එරට මාධ්‍ය සඳහන් කළේය. පාකිස්තානයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමට හමුදාව කැපවීමෙන් යුතුව කටයුතු කරන බවත්, කිසිදු ආකාරයෙන් ත්‍රස්තවාදයට හිස එසැවීමට ඉඩ නොතබන බවත් පාකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT