Home » රෝයල් නර්සින් හෝම් People’s Excellency සම්මාන දිනයි

රෝයල් නර්සින් හෝම් People’s Excellency සම්මාන දිනයි

by sachintha
January 7, 2025 1:59 am 0 comment

සත්කාරක සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම People’s Excellency සම්මාන උලෙළේදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටම සත්කාරක සේවා සැපයුම්කරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උලෙළේදී රෝයල් නර්සින් හෝම් නියෝජනය කරමින් මෙහෙයුම් කළමනාකාරවරියන් වන කුෂිණි කුමාරසිංහ මහත්මිය සහ රුවන්ති ප්‍රනාන්දු මෙණෙවිය වෙත සම්මානය පිරිනමන ලදී.

2007දී 25ක පමණ කාර්ය මණ්ඩලයකින් ඇරැඹුණු රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යන රෝයල් නර්සින් හෝම්හි වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1200ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින්

සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. 2025 අවසානය වන විට 50,000කට වැඩි පිරිසකට සත්කාරක සේවා සැපයීම ඔවුන්ගේ අරමුණ වේ. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් සමාගමේ හෙද සේවා පහසුකම් සහ ගිලන් රථ සේවාවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමිතිවලට අනුව ක්‍රියාත්මක වේ. දෙස් විදෙස් සම්මාන සහ තත්ත්ව සහතික රැසක් ලබා ඇති එම සමාගම ISO 9001-2015 ජාත්‍යන්තර

තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම සත්කාරක සේවා මධ්‍යස්ථානය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT