Home » මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍ර‌ෙය් අපනයන ආදායම් උපයන ක්ෂේත්‍රය බවට පත් කරනවා

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍ර‌ෙය් අපනයන ආදායම් උපයන ක්ෂේත්‍රය බවට පත් කරනවා

-ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි

by sachintha
January 7, 2025 1:58 am 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට අනුගත වෙමින් තම අධිකාරියෙන් සේවය ලබාගන්නා ජනතාවගේ ඕනෑම ගැටලුවක් සහ යෝජනාවක් දැනුම්දීමට පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකයක් (0112336552) ඊයේ (06) පටන් ආරම්භ කළ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා ප්‍රකාශ කළේය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ විසින් 31 වැනි වතාවට කොළඹ දී සංවිධානය කළ FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ අවසන් දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපතිවරයා මේ බව කීය.

මැණික් ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සමඟ ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙන්දේසි තවදුරටත් පවත්වන බව කී සභාපතිවරයා දැනට අපේ රටේ අපනයන ආදායම් ලබාගන්නා ක්ෂේත්‍රවලින් 8 වැනි ස්ථානයේ පසුවන මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඉදිරියේදී 2 වැනි අපනයන ආදායම් උපයන ක්ෂේත්‍රය බවට පත්කර ගැනීමට කටයුතු කරන බව ද පැවසීය. එකදු මැණික් ගලක් හෝ හමුනොවන තායිලන්තය වැනි රටවල මේ වන විට මැණික් කර්මාන්තයේ ඉහළින්ම සිටින අතර ඔවුන් හා සමඟ කරටකර තරග කළ හැකි මට්ටමේ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ද සූරියආරච්චි මහතා කීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අමිල් ෂාමුල් මහතා, මෙවර වෙන්දේසිය සඳහා ලෝ පුරා රටවල් රැසකින් ප්‍රකට මැණික් ගැණුම්කරුවන් සහ ව්‍යාපාරිකයින් එක්වූ බවත් ඒ සමඟම අප රටේ මැණික් විකුණුම්කරුවන්ට හොඳ අවස්ථාවක් උදාවූ බවත් සඳහන් කළේය. මේ වෙන්දේසිය ඉකුත් 4 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT