Home » 2016 – 2020 කාලයතුළ අතහැර දැමූ ව්‍යාපෘති සමාලෝචනය කර ඒ ව්‍යාපෘති අවසන් කරනවා

2016 – 2020 කාලයතුළ අතහැර දැමූ ව්‍යාපෘති සමාලෝචනය කර ඒ ව්‍යාපෘති අවසන් කරනවා

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

by chanaka
January 7, 2025 3:11 pm 0 comment

2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමා ලෝචනය කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලීමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරය අද(07) මේ බව සඳහන කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය.

“අපි ඇත්ත වශයෙන්ම මේ මොහොතේ එම ව්‍යාපෘති යටතේ තෝරගත්ත පාසල් වල වැඩ පිළිබඳ සමාලෝචනයක් කරනවා. බොහෝ පාසල් වල එම ව්‍යාපෘති මග නැවතිලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ සියලුම පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් තුනක් ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලත්, එවැනි පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතීක පාසලක් වෙනුවෙන් සැලසුම් කරගෙන යනවා. අපි ආයිත් මේක මුල ඉඳන් කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ දැනට අතරමග නැවතී ඇති යන ව්‍යාපෘති සහිත පාසල් තෝරගෙන ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා“ යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT