Home » බදුල්ලේ රථවාහන ධාවනය පරිස්සමින්

බදුල්ලේ රථවාහන ධාවනය පරිස්සමින්

by yasara
January 6, 2025 11:09 am 0 comment

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල පවතින අධික මිදුමෙන් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් ඝන මීදුමෙන් වැසී ඇති හෙයින් රථ වාහන ධාවනය කිරිමේ දී දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට පොලිසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙයි.

දිස්ත්‍රික්කයේ පවතින අධික ශීත දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල ,ඇල්ල වැල්ලවාය , දියතලාව බණ්ඩාරවෙල , බදුල්ල පස්සර , බණ්ඩාරවෙල  බදුල්ල ,  හාලිඇල නුවරඑළිය ,  බදුල්ල මහියංගණ නමුණුකුල පස්සර යන ප්‍රධාන මාර්ග  නිරතුරුවම දැඩි මීදුමෙන් වැසී තිබෙන බවත් කදු බෑවුම් සහිත ලිස්සන සුළු මෙම මාර්ග වල රථ වාහන ධාවනය කිරීම අනතුරුදායක බවද පොලිසිය සදහන් කළේය .

විශේෂයෙන් එළබෙන දීර්ඝ නිවාඩුවට මෙන්ම මේ දිනවල පිටපළාත් වල සිට  බොහෝ පිරිසක් බදුල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට විනෝද චාරිකා පැමිනෙණ බවත් එම රියදුරන් ට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව රියපදවන ලෙසට පොලිසිය රියදුරන් ගෙන්  ඉල්ලා සිටියි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT