Home » මහ කන්නයේ වගාහානි වන්දී ලේඛන නිකුත් කිරීම ඇරඹේ

මහ කන්නයේ වගාහානි වන්දී ලේඛන නිකුත් කිරීම ඇරඹේ

by chanaka
January 6, 2025 10:39 am 0 comment

පසුගිය නොවැම්බර් මස පැවැති ගංවතුරින් මහ කන්නයේ වගාහානි සිදුවූ දිස්ත්‍රික්ක 09ක ගොවීන්ගේ වන්දී ලේඛන සම්පූර්ණ කිරීම සහ එම ලේඛන නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂීකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.

ඒ අනුව අම්පාර ,මඩකළපුව,මුලතිව් ,ත්‍රිකුණාමලය ,මහව,කුරුණෑගල,පොළොන්නරුව ,මනම්පිටිය,සහ දෙහි අත්තකණ්ඩිය කලාපවල මෙම කටයුතු සිදු කරන අතර එයට අමතරව හානි තක්සේරු කමිටුවල නිර්දේශ ලබා ගැනීමට අදාල රාජකාරිද මේ වන විට සිදුවෙමින් පවතින බවද සභාපතිවරයා අවධාරණය කරයි.

,මනම්පිටිය,සහ දෙහි අත්තකණ්ඩිය කලාපවල වන්දි ගණනයට අදාළ රාජකාරි මෙම 15 දා ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 8500 පමණ වගාහානි වී ඇති බවට දිස්ත්‍රික් අධ්‍යක්ෂ විසින් වාර්තාකර ඇති අතර ඒ පිළිබඳව නැවත අහඹු පරික්ෂාවක් කිරීමට ඊයේ (05) දින කණ්ඩායමක් යැවු බවද ජාසිංආරච්චි මහතා කියයි.

කිලිනොච්චිය සහ යාපනය මේ වන විට හානි පරික්ෂා කිරීමේ අවසන් අදියරේ පවතින බවත් තඹුත්තේගම ,බදුල්ල , මොණරාගල සහ සෙසු දිස්ත්‍රික්කවල හානි පරික්ෂාවන් ඉදිරි දිනකීපය තුළදී අවසන් කිරීමට අපේක්ෂිත බවත් ඒ මහතා අවධාරණයය කරයි.

අනුරාධපුර සහ මහව කලාපවලින් වනඅලි වගාහානි වාර්තා වීම් සිදුවන බැවින් ඒ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන බවද සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT