41
අනුරාධපුර ප්‍රදේශ කිහිපයක සිටින වනඅලි විල්පත්තුව දක්වා පන්නා දැමීමේ මෙහෙයුම් සඳහා ජී පී එස් තාක්ෂණය යොදාගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැලඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත.
වනඅලින් සිටින ස්ථාන හඳුනාගැනීම සහ ඔවුන්ගේ ගමන් මාර්ග අධ්‍යයනය කිරීමේ අරමුණින් මෙලෙස ජි පී එස් තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා වනජීවි නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඇත.
ස්වර්ණා විජේකෝන්