Wednesday, April 23, 2025
Home » ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නාරා ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකියි

ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නාරා ආයතනයට විශාල කාර්යභාරයක් කළ හැකියි

-ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්

by sachintha
January 6, 2025 1:10 am 0 comment

නාරා ආයතනය සිදු කරන පර්යේෂණවලින් ධීවර ක්ෂේත්‍රය නඟාසිටුවීමට විශාල කාර්යභාරයක් සිදු කළ හැකි බව ධීවර, ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (02) නාරා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ වර්ෂයේ රටේ ආර්ථිකය වෙනත් වූ දිශානතියකට ගෙන යෑමට රජය අපේක්ෂා කරනවා. එහිදී ධීවර කර්මාන්තය ද නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් පාරිභෝගික ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාලීම සඳහා වූ මත්ස්‍ය සම්පත නෙළා ගත හැකි ආකාරයට දියුණු කළ යුතුයි. ඒ සඳහා නාරා ආයතනයට විශාල කාර්යභාරයක් පැවරෙනවා. නාරා ආයතනය ධීවර අමාත්‍යාංශ සතු වැදගත්ම ආයතනයයි. මෙහි සිදු කරන පර්යේෂණ මඟින් අඩු පිරිවැයක් යටතේ මත්ස්‍ය අස්වැන්න නෙළා ගත හැකි ක්‍රම සකස් කළ යුතුයි. ඒවා ආයතනය තුළ තබා නොගෙන අමාත්‍යාංශයේ අනෙකුත් ආයතන හරහා ජනතාවට දීමට කටයුතු කළ යුතුයි. ඉදිරි අය-වැයෙන් ධීවර කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.”

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතා

“නාරා ආයතනය පර්යේෂණ ආයතන අතර ප්‍රමුඛස්ථානය ගන්නවා. ඒත් නාරා ආයතනයේ පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන්ට විශ්වවිද්‍යාලවල සිටින කථිකාචාර්යවරුන්ට සමාන අධ්‍යාපන මට්ටමක් තිබෙනවා. නමුත් ඔවුන්ගේ වැටුප ඒ හා සමාන නොවීම තුළ බොහෝ විද්‍යාඥයන් මේ ආයතනය හැර ගොස් තිබෙනවා.

තවදුරටත් එසේ වීම තුළ අපගේ රජය ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අපේක්ෂා කරන ඉලක්ක කරා යෑමට බාධා ඇති වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT