Wednesday, April 23, 2025
Home » ලැබූ ජනවරම අවබෝධ කරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි

ලැබූ ජනවරම අවබෝධ කරගෙන ආණ්ඩුව කටයුතු කළ යුතුයි

-හිටපු ඇමැති පාඨලී චම්පික රණවක

by sachintha
January 6, 2025 1:09 am 0 comment

ආණ්ඩුව ලද ජනවරම අවබෝධ කරගෙන කටයුතු කරනු ඇති බවත්, ආණ්ඩුව මාස හයෙන්, අවුරුද්දෙන් කඩා වැටී රට විපක්ෂයට යනු ඇතැයි නොසිතන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (02) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මේ ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා. එය අවබෝධ කරගෙන කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොමැතිව ආණ්ඩුව මාස හයෙන්, අවුරුද්දෙන් කඩා වැටී රට විපක්ෂයට යනු ඇතැයි සිතන්නේ නෑ.

මේ වසරේ ආසන්න වශයෙන් ආණ්ඩුව රුපියල් බිලියන 4300ත් 4400ත් අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි. ඒ සඳහා සෑම පුද්ගලයකුගෙන්ම ආසන්න වශයෙන් රුපියල් 136,000ක් 2020 වසරට සාපේක්ෂව මේ වසරේ වැඩි වශයෙන් බදු ලෙස අය කර ගත යුතුයි. එම ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කිරීමට සිදු වෙනවා.

ඩිජිටල් සේවා සඳහා වැට් බද්දක් පැනවීමට ද යෝජනා වී තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් වෙනත් රටවල ද ක්‍රියාත්මක වන තත්ත්වයක්. දැනටමත් දැන්වීම්කරණය හරහා ආදායම් උපයන 22%ක් පමණ බදු ගෙවනවා. මේ නව බද්ද හේතුවෙන් ද්විත්ව බදුකරණයක් සිදුවීමේ අවදානමක් පවතිනවා. රජය මේ බද්ද කෙසේ අය කරන්නේ ද කියා පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. එසේ එම බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමේ වගකීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සතුයි.”

තරුෂි අධිකාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT