Home » නීති විරෝධී ක්‍රියාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න

නීති විරෝධී ක්‍රියාවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න

-ඇමැති විජිත පොලීසියට දැනුම් දෙයි

by sachintha
January 6, 2025 1:04 am 0 comment

අනවසර පස් කැපීම්, වැලි ගොඩ දැමීම්, මත්ද්‍රව්‍ය ඇතුළු සියලුම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉදිරියේදී මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ නිසියාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පොලීසියට දැනුම් දෙන ලදි.

මෙහිදී සම්බන්ධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වත්මන් රජය කිසි ලෙසකින් පොලීසියට අතපෙවීම් නොකරන බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලනඥයන්ගෙන් පොලීසියට උපදෙස් අවශ්‍ය නොවන බවත්ය.

පසුගිය කාලයේ සිදු වූ අපරාධ ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පොලීසිය විසින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට තොරතුරු ඉදිරිපත් කළ අවස්ථාවේ මේ දැනුම්වත් කිරීම සිදු කෙරිණි.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT