Home » යකඩ විකුණූ රාජ්‍ය සේවකයන් 3 ක් අත්අඩංගුවට

යකඩ විකුණූ රාජ්‍ය සේවකයන් 3 ක් අත්අඩංගුවට

by yasara
January 6, 2025 9:57 am 0 comment

රජයට අයත් යකඩ කිලෝ 1083 ක් විකුණමින් සිටී රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයින් තිදෙනෙකු සහ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරෙකු , සේවකයින් දෙදෙනකු  සහ ගොරකපොල පරණ යකඩ මිළදී ගන්නා මධ්‍යස්ථානයක හිමිකරුය.

පසුගිය කාලසීමාවේ මතුගම පැලවත්ත මාර්ගයේ කළුපහන  ප්‍රදේශයේ පාලමක් ඉදිකර එය අසාර්ථක ව්‍යාපෘතියක්ව පාලම ගලවා කොළඹ ට යකඩ ප්‍රවාහනය ආරම්භ කර තිබේ.

එහි රැගෙන ආ ටොන් ගණනාවක යකඩ නැවත කොළඹ මුලස්ථානයට රැගෙන යමින් සිටියදී අලෙවි කරමින් සිටියදී වැටලීම කර තිබේ.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ට ලද තොරතුරක් මත වටලා රියදුරු, සේවකයින් දෙදෙනෙකු සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන භූම් ට්‍රක් රථය සහ යකඩ කිලෝ 1083 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT