47
බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ අඹතැන්නවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
කැබ් රථය දියතලාව මාර්ගයේ අසල නවතා තිබියදී පස් කණ්ඩියක් කඩාගෙන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් ඊයේ (05) පස්වරුවේ මෙම අනතුර සිදුවෙ ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44, 36 14 වයසේ පසුවෙන තිදෙනෙකි.
අනතුරින් කැබ් රථයට හානි සිදුව තිබේ.
එසේම තුවලකරුවන්ගේ තත්ත්වය තරමක් බරපතළ බව වාර්තා වේ.