Home » දශකයකට පසු අමෙරිකාවට බලපෑ දරුණුතම හිම පතනය – හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

දශකයකට පසු අමෙරිකාවට බලපෑ දරුණුතම හිම පතනය – හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

by chanaka
January 6, 2025 11:31 am 0 comment

දශකයකට පමණ පසු අමෙරිකාවට බලපා ඇති දරුණුතම හිම පතනය සහ අඩු උෂ්ණත්වය මේ වන විට වාර්තා වේ.

හිම පතනයත් සමග ඇතිවූ ශීත කුණාටුවෙන් ප්‍රාන්ත 30ක මිලියන 60කට පමණ පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර අමෙරිකාවේ ප්‍රාන්ත හතක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. කැන්සාස් සහ මිසූරි වෙත හිම කුණාටු තත්වයන් ඇතිවීමේ අවදානමක් පවති.

”ධ්‍රැවීය” සුලිය ආක්ටික් ප්‍රදේශයේ සිට මධ්‍යම එක්සත් ජනපදය දක්වා උෂ්ණත්වය අඩුවීමට හේතු වී ඇති බව කාලගුණ බලධාරීන් පවසයි. හිම කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද වී හා අවලංගු කර තිබේ.

බොහෝ මාර්ග සහ පාසල් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොහෝ විට අද වන විට අධික ශීත කාලගුණය ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. කැනඩාවේ බොහෝ ප්‍රදේශය සහ කැන්සාස් සිට නැගෙනහිර වෙරළ දක්වා එක්සත් ජනපද ප්‍රාන්ත 30 ක් කාලගුණ අනතුරු ඇඟවීම් යටතේ පවති.

ඔහියෝ සිට වොෂින්ටන් ඩීසී දක්වා අඟල් 6 සිට12 දක්වා හිම පතනයක් අපේක්ෂා කරන බව ජාතික කාලගුණ සේවය පවසයි.

උතුරු මිසූරිහි බොහෝ ප්‍රදේශවල දැනටමත් අඟල් 14 ක පමණ හිම පතනයක් පවතින අතර කැන්සාස්හි අඟල් 10 ක හිම පතනයක් පවතින බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT