Monday, April 21, 2025
Home » WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න

WhatsApp අලුතින්ම හදුන්වාදුන් පහසුකම මෙන්න

by chanaka
January 6, 2025 8:33 am 0 comment

WhatsApp යෙදවුමේ නව යාවත්කාලීන (Update) කිරීමක් සිදු කර තිබේ.

මෙම යාවත්කාලීන කිරීම හරහා WhatsApp යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් (Group Call) ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකිය.

ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර ඔබට ඇමතුම් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවති.

මේ වනවිට WhatsApp යෙදවුම ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබෙන අතර දිනකට WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන් වේ.

එමෙන්ම WhatsApp හරහා මේ වනවිට වඩාත් විනෝදජනක වීඩියෝ ඇමතුම් ලබාගැනීමටද හැකියාව පවතිනු අතර ඒ අනුව පරිශීලකයින්ට වීඩීයෝ ඇමතුම් ලබාගැනීමේදී, බලු පැටවුන්ගේ කන් එකතු කිරීමට, ජලය යට සිටින බව පෙන්වීමට සහ කැරෝකී සඳහා මයික්‍රෆෝනයක් යෙදවීම වැනි දෑ පෙන්වීමට විවිධ විශේෂාංග එක්කර තිබේ.

එමඟින් ඔබේ වීඩියෝ ඇමතුම් වඩාත් විනෝදජනක සංවාද බවට පරිවර්තනය වන අතර ඒ සඳහා ප්‍රයෝග දහයක් එක්කර ඇති බවද සඳහන් වේ.

ඩෙස්ක්ටොප් හරහා ඇමතුම්වලට සම්බන්ධ වන අයට ඇමතුමක් ආරම්භ කිරීමට, ඇමතුම් සබැඳියක් සෑදීමට ද හැකිය.

එමෙන්ම දුරකථන අංකයක් save කිරීමකින් තොරව කෙලින්ම ඇමතීමට අවශ්‍ය සියලු පහසුකම් ද මෙම යාවත්කාලීන කිරීම හරහා ලබාගත හැකි බවට එම සමාගම විසින් දැනුම් දී තිබේ.

එසේම දුරකතනයකින් හෝ පරිගණකයකින් ලබාගන්නා WhatsApp ඇමතුම්වල වෙනදාට වඩා හොඳ තත්ත්වයේ ප්‍රමිතියක් මේ තුළින් තම පරිශීලකයන්ට ලබාදීමට හැකිවන බව, එම සමාගම පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT