Home » රත්මලාන එයාර්පෝට් එකේ අවදානම් ඉදිකිරීම් ඉවත් කෙරේ

රත්මලාන එයාර්පෝට් එකේ අවදානම් ඉදිකිරීම් ඉවත් කෙරේ

by chanaka
January 6, 2025 12:05 pm 0 comment

දකුණු කොරියාවේ මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපළේ පසුගියදා සිදුවූ ඛේදවාචකයෙන් ජීවිත 179 ක් අහිමිවීම සළකා බලමින්, රත්මලාන අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඇතැම් ස්ථාවර ඉදිකිරීම් හේතුවෙන් ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා, එම ඉදිකිරීම් ඉවත් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් යානා හිමිකරුවන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමය (Aircraft Owners & Operations Asociations Sri Lanka ) මීට පෙර අනතුරු ඇඟවීම් නිකුත් කරමින්, ගුවන් තොටුපළේ ස්ථාවර ඉදිකිරීම් සම්බන්ධ අවදානම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

අන්තර්ජාතික ගුවන් තොටුපොළ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝණය කරන බව පැවැසෙන ගාලු පාර මායිම දිගේ ඝන අඩි 9 කින් යුත් තාප්පයක් සංගමය විසින් පෙන්වාදෙන ලදී.

මෙම ඉදිකිරීම් හේතුවෙන් මෑතදී සිදුවූ මුආන් ගුවන් තොටුපොළ ඛේදවාචකයට සමාන අනතුරු සිදුවිය හැකි බවට අනතුරු ඇඟවන සංගමය, තාප්පය ඉවත්කරන ලෙස ඉල්ලා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT