Home » වල් වැදුණු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය බැලීමට ඇමැති වසන්ත එක්වෙයි

වල් වැදුණු මැදවච්චිය ආර්ථික මධ්‍යස්ථානය බැලීමට ඇමැති වසන්ත එක්වෙයි

by yasara
January 6, 2025 10:50 am 0 comment

භාවිතයට නොගැනීම නිසා විනාශයට පත්වෙමින් පවතින මැදවච්චිය ආර්ථික මධ්යස්ථානය නැවත ආරම්භ කිරිම පිලිබදව සොයා බැලීම සඳහා වෙළඳ , වානිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඉකුත් දා එහි පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසන්ත කුමාර නවරත්න මහතා ද මෙම නිරීක්ෂණට එක්විය.

මෙම මධ්‍යස්ථානය නැවත ආරම්භ කිරිමේ ඇති වැදගත්කම පිලිබදව මෙහිදී මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් චන්ද්‍රිකා මලවිආරච්චි මහත්මිය අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කරනු ලැබුවාය.

නගරවාසීන්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් අමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට එක්වෙමින් ආර්ථික මධ්‍යස්ථානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කර එය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT