Home » පැට් කමින්ස් ශ්‍රී ලංකා සංචාරයට නෑ

පැට් කමින්ස් ශ්‍රී ලංකා සංචාරයට නෑ

by mahesh
January 3, 2025 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණ‍සේකර

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත බලාපොරොත්තුවීම හේතුවෙන් මේ මස අගදී ආරම්භවන ශ්‍රී ලංකා සංචාරය මග හැරිය හැකි බවට ඊයේ ඉඟි පළ කළේය. ඔස්ට්‍රේලියාව ජනවාරි 29 සහ පෙබරවාරි 6 යන දිනවල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිත අතර එම දිනවලදීම ඔහුගේ බිරිය බෙකී දරුවා බිහිකිරීමට නියමිත බව කමින්ස් සඳහන් කර සිටී.

“ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වුණොත් දරුවාගේ උපත සිඳු වන දවස හරියටම සැලසුම් කිරීම ඉතා අපහසුයි. ඒ නිසා නියත වශයෙන්ම මට ශ්‍රී ලංකා සංචාරය මග හැරෙනවා” කමින්ස් ද ඩේලි ටෙලිග්‍රාෆ් වෙත පැවසීය. කමින්ස් නැති අවස්ථාවේදී ඔස්ට්‍රේලියා පිලට නායකත්වය දෙනු ලබන්නේ ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් විසිනි.

පසුගිය වසරේ ඔහුගේ මවගේ මරණය ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛතා නැවත සකස් කිරීමට ප්‍රබල බලපෑමක් ඇති කළ බව සඳහන් කළේය. ඔහු සිය මව මිය යන විට ඇය සමඟ සිටීමට ඉන්දීය සංචාරය අතරමග නවතාදමා ඔස්ට්‍රේලියාවට පැමිණියේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වූ කැපවීම හේතුවෙන් තම පුත් ඇල්බීගේ ජීවිතයේ මුල් සති කිහිපය මගහැරීම ගැන තමා කනගාටු වන බව කමින්ස් මීට පෙර පිළිගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT