සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග 4කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (3) තර්ස්ටන් විදුහල් පිටියේදී ආරම්භ වෙයි.
මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මොරටුව වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩිකා මනුදි නානායක්කාරට පවරා ඇති අතර, සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිල අවසන් වරට මැලේසියාවේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක් වූ අතර, එම සංචාරය සඳහා නම් කර සිටි සංචිතයම මේ තරගාවලියටත් නම් කර ඇත.
මේ අතර මේ තරගාවලියට එක්වීම සඳහා බංග්ලාදේශ යොවුන් කාන්තා පිල ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියේය.
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය: මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), විමෝක්ෂා බාලසූරිය, හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, දහමි සනුත්මා, රශ්මි නේත්‍රාංජලී, ශෂිනි ගිම්හානි, අශේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා, සංජනා කාවින්දි, දනුලි තෙන්නකෝන්, ලිමන්සා තිලකරත්න, ෂෙහාරා ඉඳුවරි.