Wednesday, April 23, 2025
Home » 16 දරුවා පැදවූ රියට යටවී යතුරුපැදියේ ගිය දෙදරු පියා මරුට

16 දරුවා පැදවූ රියට යටවී යතුරුපැදියේ ගිය දෙදරු පියා මරුට

කුපිත වූ ප්‍රදේශවාසීහු වාහනයට පහර දෙති

by mahesh
January 3, 2025 1:00 am 0 comment

පුත්තලම දිසා සමුහ ප්‍රසාද් පූර්ණමාල් මාරවිල - මිහිර විජේසේකර
වර්ණකුලසූරිය නුවන් සංජීව

හලාවත වෙරළ මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේ දී 16 හැවිරිදි දරුවකු පැදවූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ වයස අවුරුදු 43 ක්වූ වර්ණකුලසූරිය නුවන් සංජීව නැමැති දෙදරු පියා මියගොස් තිබේ. පෙරේදා (01) පසවරුවේ මේ අනතුර සිදුව ඇත.

මේ අවස්ථාවේ වාහනය තුළ වාහනය පැදවූ දරුවාගේ ළඟම ඥාතීන් පිරිසක්ද සිට ඇති බව වාර්තා වේ. වහනය අධික වේගයෙන්

ගමන් කර ඇති අතර යතුරුපැදියේ ගැටීමෙන් පසු යතුරුපැදිය අඩි කිහිපයක් උඩින් ගොස් වැටී තිබේ.

මේ අවස්ථාවේ රියැදුරු පැනගොස් ඇති අතර දරුවාගේ පියා පොලීසියට භාර වී ඇත. ඒ හේතුවෙන් ගම්වැසියන් පොලීසියට

පැමිණ ඉල්ලා ඇත්තේ වහාම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අවස්ථාවේ ගම්වැසියන් පිරිසක් වාහනයට ද පහර දී ඇති අතර තත්ත්වය පාලනය කිරීමට හලාවත පොලීසිය පියවර ගෙන ඇත.

යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා හලාවත, වැලිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හලාවත රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බව වාර්තා වේ.

පොලීසිය බාලවයස්කරුවනට වාහන ලබා දීමේ චෝදනාව මත සැකකරුගේ පියාද අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT