මගීන් 68 ක් සමඟ යාපනයේ ඩෙල්ෆ් සිට කුරීකඩ්ඩුවාන් බලා යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක් අයහපත් කාලගුණික තත්ත්වයකට හසු වී පෙරළී ගිලී යෑමට ගිය අවස්ථාවේදී නාවික හමුදාව හා ධීවරයන් එක්ව පෙරේදා (01) සවස එම යාත්‍රාව හා මගීන් පිරිස බේරා ගෙන තිබේ.
ඩෙල්ෆ් දූපත හා යාපනය අතර මගීන් ප්‍රවාහනය කරන මෙම යාත්‍රාව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටිය අසලට පැමිණෙමින් තිබියදී කාර්මික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ එන්ජිම ක්‍රියාවිරහිත වී තිබේ.
මේ දිනවල අයහපත් කාලගුණික තත්ත්වය නිසා උතුරු මුහුද රළු ස්වභාවයකින් පැවතීම නිසා එම යාත්‍රාව පෙරළී ගිලෙන්නට යන තත්ත්වයක් හටගෙන තිබේ.
මේ අවස්ථාවේදී ධීවර බෝට්ටු කිහිපයක් හා නාවික හමුදාවේ යාත්‍රා කිහිපයක් ඉතා ඉක්මනින් අනතුරට පත් යාත්‍රාව දෙසට ගොස් එහි මගීන් අනෙක් බෝට්ටුවලට නංවා ගෙන තිබේ.
අනතුරට පත් යාත්‍රාව ද කුරීකඩ්ඩුවාන් ජැටිය වෙත ඇදගෙනවිත් එය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා බාර දී තිබේ.