Wednesday, April 23, 2025
Home » නුවරඑළියේ ඝන මීදුම ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න

නුවරඑළියේ ඝන මීදුම ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න

by mahesh
January 3, 2025 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

නුවරඑළිය ප්‍රදේශයට ඊයේ (02) උදෑසන සිට ඝන මීදුම් තත්ත්වයක් හටගැනීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත.

ඝන මිදුම් තත්ත්වය හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල සිට නානුඔය දක්වාත්, ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රම්බොඩ සිට නුවරඑළිය දක්වාත් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නුවරඑළිය දිස්ත්‍රික්කයට තරමක අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින අතර, ප්‍රදේශය පුරා අඳුරු කාලගුණ තත්ත්වයක් හටගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT