ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට කටයුතු නොකරන බවත්, ආණ්ඩුව නිසි ගමන් මාර්ගයේ යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පිටකෝට්ටේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පසුගියදා (31) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“ආණ්ඩුවට ගමන් කරන මාර්ගය අමතකවී තිබෙනවා. ආණ්ඩුව බැණ බැණ ගමන් කරන්නේ පරණ මාර්ගයේ. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වූ මාර්ගයේ ගමන් කළ යුතුයි. ආණ්ඩුවේ කටයුතුවලට විපක්‍ෂය බාධා එල්ල කරන බව දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවේ කකුලෙන් අදින්නේ නෑ.
අපි ආණ්ඩුවේ අතින් ඇදලා ගමන් කළ යුතු මාර්ගය පෙන්වා දෙනවා. අපි ආණ්ඩුවේ කකුලෙන් ඇදලා විරෝධතා දක්වන්නේ නෑ. නමුත් ආණ්ඩුව විපක්ෂයේ කටයුතු කරන කාලයේදී ඔවුන් සිදු කළේ පැවැති ආණ්ඩුවල කකුලෙන් ඇදීමයි. නමුත් අපි ඒ දේශපාලනයේ නිරත වෙන්නේ නෑ.
කෙසේ නමුත් ආණ්ඩුව කඩා වැටෙන ආකාරයේ කටයුතු කරන්න අපි කිසිසේත් කටයුතු කරන්නේ නෑ. අපි එවැනි කුහක දේශපාලනයක නිරත වන පිරිසක් නෙවෙයි.”