Home » දමිළ පක්ෂ දියාරුවීමට ඉඩදිය නොහැකියි

දමිළ පක්ෂ දියාරුවීමට ඉඩදිය නොහැකියි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රන්කුමාර් පොන්නම්බලම්

by mahesh
January 3, 2025 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

වාසි සොයා යන දෙමළ දේශපාලනඥයන් කිහිප දෙනකු නිසා මේ රටේ මුල්බැස ගත් දෙමළ දේශපාලන පක්ෂ දියාරුවී යෑමට ඉඩ නොතැබිය යුතු යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (01) යාපනය, නල්ලූර් කෝවිල අසලදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ සංයුතිය අඩුවීම දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට විශාල බාධාවක්. මේ හේතුව නිසා එම පක්ෂය විනාශ වී යෑමට නොදී රැකගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම පරිණත නායකයන් වගද බලා ගත යුතුයි.

මේ වනවිට දෙමළ දේශපාලනඥයන් විවිධ වාසි ලබා ගැනීමේ අරමුණින් පක්ෂ අතහැර ගොස් එක් එක් පාර්ශ්වවල න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීම නිසා දෙමළ දේශපාලන පක්ෂ හරහා දෙමළ ජනතාවට ගැනීමට සූදානම් වන අයිතිවාසිකම් දිනාගැනීම නොහැකි වී තිබෙනවා.

වත්මන් රජයෙන් පමණක් නොව ඕනෑම පාර්ශ්වයකින් දෙමළ ජනයාට කිසිවක් නිකම්ම නොදෙන නිසා ඒ වෙනුවෙන් බොහෝ අරගල සිදු කිරීමට අනාගතයේදී සිදු වෙනවා. දෙමළ දේශපාලන පක්ෂ ඒ සඳහා ශක්තිමත්ව තිබිය යුතුයි. මේ හේතුව මත ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තුළ විවිධ අර්බුද නිර්මාණය කොට පක්ෂය විනාශ කිරීමට සූදානම් පිරිසට ඊට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුයි.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT