Home » හොර පාරෙන් මැදපෙර දිග සිට ආ නීතී විරෝධී දුම්වැටි තොගය

හොර පාරෙන් මැදපෙර දිග සිට ආ නීතී විරෝධී දුම්වැටි තොගය

by yasara
January 3, 2025 11:24 am 0 comment

රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (03)  අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් එක් අයෙකු ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු ඩුබායි හි සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකි .

අනෙක් ගුවන් මගියා බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියකි .

ඔවුන් දෙදෙනා අද (03)  අලුයම 05.15 ට ඕමානයේ මස්කට් නුවර සිට , ඕමාන් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන්  සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් , ඔවුන් ගමන් මලු තුළ සගවා ගෙන තිබූ ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබුණි .

මේ වනවිට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , එළඹෙන 01/08 දින මොවුන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගය ද , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT