95
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මඟුල්පොකුණ වැව පිටාර ගලා එහි පිටවානෙහි කොටසක් කැඩීයාම හේතුවෙන් ප්‍රදේශය අවට ජනතාවගේ නිවාස සහ වගා කටයුතු සඳහා විශාල බලපෑමක් සිදුවීමට ගිය අතර, මඟුල්පොකුණ සිට කාලිංගවිල දක්වා ඇති මාර්ගයට ඊයේ(02) දැඩි අලාභ හානී සිදුවී තිබුණි.
ආරක්ෂක සේනා මූලස්ථානය නැගෙනහිර සහ 23 පාබල සේනාංකය යටතේ මෙම ප්‍රදේශයේ ස්ථානගත වී ඇති යුද්ධ හමුදා භට පිරිස් දැඩි ප්‍රයත්නයක් දරා වැලිකොට්ට අතුරා පිටවාන නැවත සකස් කිරීමට කටයුතු කෙරුණි.
ඒ අනුව යුද්ධ හමුදාව විසින් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහ ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කළේය.