Sunday, April 20, 2025
Home » නගරය මැද යකා නැටූ තරුණ පිරිසක් යතුරුපැදිකරුවකුට බිම දාගෙන පහරදීලා

නගරය මැද යකා නැටූ තරුණ පිරිසක් යතුරුපැදිකරුවකුට බිම දාගෙන පහරදීලා

by mahesh
January 3, 2025 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාපනය නගරයේ බීමත්ව යකා නටමින් ත්‍රිරෝද රථවලින් හා යතුරුපැදිවලින් රංගනයක යෙදෙමින් සිටි පිරිසක් ඒ අසලින් ගිය යතුරුපැදිකරුවකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනාව මත සැකකරුවන් හතර දෙනකු යාපනය පොලීසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් නගරය මැද සාදයක් පැවැත් වූ තරුණයන් පිරිසක් නගරයේ විවිධ සන්දර්ශනවල යෙදෙමින් සිට ඇත.

මෙම ක්‍රියාවන්ට විරෝධය පළ කළ පිරිසට බීමත් තරුණයන් පහර දෙන්නට සූදානම් වීම නිසා එම පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. ඒ අතරතුර පැමිණි යතුරුපැදිකරුවකු තරුණයන්ගේ මේ ක්‍රියාව ගැන නොදැන ඒ මැදින් ගමන් කිරීමට ගිය අවස්ථාවේදී තරුණයන් පිරිස එම යතුරුපැදිකරුට ප්‍රහාර එල්ලකොට තිබේ.

තරුණයන්ගේ ප්‍රහාරය නිසා බරපතළ ලෙස තුවාල ලැබූ එම පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

සම්පූර්ණ සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝ කළ තවත් තරුණ පිරිසක් එම දර්ශන පොලීසිය වෙත ලබා දීමෙන් පසුව එම දර්ශනවලට අනුව තරුණයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් යාපනය පොලීසිය ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT