Home » ශ්‍රී ලාංකික කතට මනෝ විද්‍යා ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලාංකික කතට මනෝ විද්‍යා ගෞරව ආචාර්ය උපාධියක්

by mahesh
January 3, 2025 1:00 am 0 comment

මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ගෞරව ආචාර්ය උපාධියෙන් එස්.එෆ්. ඉල්මා ඔස්මන් සෙඩාර් මහත්මිය ඉන්දියාවේ ගෝවා නුවර පැවති ආසියාතික කලාපියානු සම්මාන උලෙළේදී පසුගියදා පිදුම් ලැබුවාය. අමෙරිකාවේ වොෂින්ටන් ඩිජිටල් විශ්වවිද්‍යාලය මඟින් මේ ගෞරව ආචාර්ය උපාධිය ඒ මහත්මියට පිරිනමා තිබේ. කොළඹ වෛද්‍ය පීඨයෙන් අධ්‍යාපනය ලැබූ ඇය 2013 වසරේදී කිරිබත්ගොඩ මූලික රෝහලට පළමු වෛද්‍ය පත්වීම ලැබුවාය. 2020 වසරේදී පශ්චාත් උපාධියෙන් පිදුම් ලැබූ ඇය මනෝ විද්‍යා ක්ෂේත්‍රයට මහඟු සේවාවක් සිදු කර ඇත. ලංකා මනෝ විද්‍යාඥයන්ගේ සහ උපදේශන වෘත්තීයවේදීන්ගේ සංගමය, උපදේශන වෘත්තිකයන්ගේ ගෝලීය ආයතනය යනාදියේ සාමාජිකත්වය දරන ඒ මහත්මිය මනෝ විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් ද සිදු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT