Home » උතුරේ ලුණු නිෂ්පාදනය නැවත අරඹනවා

උතුරේ ලුණු නිෂ්පාදනය නැවත අරඹනවා

ජාතික ලුණු සමාගමේ සභාපති

by mahesh
January 3, 2025 1:00 am 0 comment

නෙරංජලා වික්‍රමසිංහ

යුද්ධය නිසා උතුරු ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ලුණු නිෂ්පාදනාගාරවල නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කරන බව ජාතික ලුණු සමාගමේ නව සභාපති ගයාන් වෙල්ලාල මහතා පැවසීය.

ඒ තුළින් ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දේශීය වෙ‍ෙළපොළ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ලුණු අපනයනය සඳහා යොමු වීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා කීය. ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා වශයෙන් පත්වීම ලබා ගනිමින් පසුගියදා (01) ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගෝලීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය විසින් සංවිධානය කළ නායකත්ව විශිෂ්ටතා සම්මාන උලෙළේ දී හොඳම ප්‍රධාන විධායක නිලධාරීන් 50 දෙනා අතරට තේරී පත් වූ ගයාන් වෙල්ලාල මහතා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ජාතික ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මාලදිවයින හා මැලේසියාව යන රටවල සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයක ප්‍රධාන විධායක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කර ඇති ගයාන් වෙල්ලාල මහතා නිෂ්පාදනය, විගණනය, මූල්‍යකරණය, හෝටල් ක්ෂේත්‍රය, කෘෂිකර්මාන්තය සහ අපනයනය වැනි ක්ෂේත්‍ර ගණනාවක වසර 20ක හසළ අත්දැකීම් ඇති අයෙකි.

ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය හා කොළඹ D.S. සේනානායක විද්‍යාලවල දීප්තිමත් ආදි සිසුවකු වන වෙල්ලාල මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය හිමි කරගත් අතර එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ (University Of Cardiff) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. මීට අමතරව ඔහු FCMA (UK) හා FCMA (Sri Lanka) වරලත් කළමනාකාර ගණකාධිකාරී සුදුසුකම් සම්පූර්ණ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT