Home » නාඳුනන මළ සිරුරක් පාවෙන වෙළෙඳපොළේ

නාඳුනන මළ සිරුරක් පාවෙන වෙළෙඳපොළේ

by mahesh
January 3, 2025 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමි ජලාශයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවූ බව මරදාන පොලීසිය පවසයි.

එම පුද්ගලයා වයස අවුරුදු 37ක පමණ සිතිය හැකි අයකු බව පොලීසිය සඳහන් කරයි.

මළ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නොලැබෙන බව ද පොලීසිය පැවසීය.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව සනාථ කර ගැනීම සඳහා ඔහුගේ මුදල් පසුම්බිය හෝ නොතිබූ බවත් පොලීසිය කියයි

ඥාතීන් හඳුනා ගන්නා තෙක් මළ සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවත් පොලීසිය කියයි

මරදාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT