Home » අයිස් සමඟ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පරිවාසයට

අයිස් සමඟ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා පරිවාසයට

by mahesh
January 3, 2025 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක - බී.ජි. චතුරංග තලාව සමූහ - බී. ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති

තඹුත්තේගම නගරයට ආසන්න ප්‍රසිද්ධ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

තඹුත්තේගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක තිලකරත්න මහතා ඇතුළු කණ්ඩායමක් තඹුත්තේගම පොලිස් වසමේ සංචාරයේ නිරතව සිටියදී, තඹුත්තේගම ඇටෝරාව වැව ආසන්නේ ගමන් කරමින් සිටි මෙම සිසුවා සම්බන්ධයෙන් සැක සිතී පරීක්ෂා කර බැලීමේදී ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 2600 ප්‍රමාණයක් සොයා ගත් බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම සිසුවාගේ මව සහ පියා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවත් මත්ද්‍රව්‍ය පානය කරන අයකුට ලබා දීම සඳහා මෙම අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ ද නැතිනම් සිසුවා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇද්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් බාලවයස්කාර පාසල් සිසුවා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT