Home » ‘පිරිසුදු පරිසරයක්-ලස්සන ජීවිතයක්’ පළමු අදියර අද ඇරඹේ

‘පිරිසුදු පරිසරයක්-ලස්සන ජීවිතයක්’ පළමු අදියර අද ඇරඹේ

by mahesh
January 3, 2025 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව කොළඹ නගරයේ නිවාස සංකීර්ණ හා අවට පරිසරය පිරිසුදු කර අලංකරණය කිරීමට ‘පිරිසුදු පරිසරයක් – ලස්සන ජීවිතයක්’ නමින් නියාමන ව්‍යාපෘතියක් නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියෙන් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර ලෙස දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අවට පිරිසිදු කිරීම සහ අලංකරණය කිරීම අද (03) උදේ.08.30ට ආරම්භ කෙරේ.

මහල් නිවාසවල ජනතාවගේ ජීවන රටාවේ සමාජයීය සහ ආකල්පමය වෙනසක් ඇති කරමින් යහපත් ජීවන රටාවකට ඔවුන් ප්‍රවේශ කරවීම අරමුණු කර ගනිමින් සිදු කෙරෙන මේ නියමු ව්‍යාපෘතියට කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ආදියේ සහාය හිමිවේ.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස ජනතා සහභාගීත්වයට ප්‍රමුඛත්වය දීම මූලික කොටගෙන විශේෂයෙන් අඩු ආදායම්ලාභී නිවාස සංකීර්ණවල ජනතාවගේ සමාජයීය සහ පොදු පහසුකම් වෙනුවෙන් පෙනී සිටීම සහාධිපත්‍යය කළමනාකරණ අධිකාරියේ අදහසයි.

මෙහි සමාරම්භක අවස්ථාවට විෂයභාර ඇමැති අනුර කරුණාතිලක, අමාත්‍යාංශය ලේකම් රංජිත් ආරියරත්න,සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති ඉංජිනේරු බන්දුල කරුණාරත්න මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT