Home » දරුවන්ට යහපත් මඟ යෑමට මාර්ගෝපදේශ දීම අපේ වගකීමක්

දරුවන්ට යහපත් මඟ යෑමට මාර්ගෝපදේශ දීම අපේ වගකීමක්

ඇමැතිනී සරෝජා පෝල්රාජ්

by mahesh
January 3, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පෙරේදා (01) වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් සහ එහි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දරුවන් හමුවී නව වසරේදී ඔවුන්ගේ සුවදුක් සොයා බැලීම සහ ඔවුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් ද එහිදී සිදු කෙරිණි.

එහිදී රැඳවි මවුවරුන්, ඔවුන්ගේ සිඟිති දරුවන් සහ රැස්ව සිටි පිරිස හමුවේ ඇමැතිනිය පැවසුවේ දරුවන්ට ලස්සන හීන දැකීමට හැකි හෙට දවසක් උදාවනු දැකීම තම ප්‍රාර්ථනාව බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය මෙලෙස ද කීවාය.

“රටක් ලෙස අප ඉදිරියට ගමන් කිරීමේදී හොඳම දේ දරුවන්ට දීම අපේ රජයේ වෑයමයි. එහිදී අධ්‍යාපනය, ආරක්ෂාව, රැකවරණය සහ ආදරය දරුවන්ට හිමි වෙනවා. අප කුමන තරාතිරමක සිටියත් අපේ දරුවන්ට යහපත් මඟ යෑමට මාර්ගෝදේශ දීම අපේ වගකීමක්. මෙරටේ දරුවන්ට මෙන්ම බන්ධනාගාරගතව සිටින මේ රැඳවි කාන්තාවන්ගේ අත සිටින සිඟිත්තන් ද සුරක්ෂිතව සමාජයට යොමු කිරීම සැමගේ වගකීමක්. නේවාසික කාන්තාවන් වෙනුවෙන් වගකීම් දරන බන්ධනාගාර නිලධාරීන් සැම දෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා.”

මේ අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT