පොහොර සහනාධාරය මෙතෙක් නොලැබුණු ගොවීන්ට එම මුදල් මේ සතියේ අනිවාර්යයෙන්ම දෙන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා කියයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ මුදල් ගොවි ගිණුම් වෙත බැර නොවූ ගොවීන් සුළු ප්‍රමාණයක් සිටිනවා. මෙවැනි තත්ත්වයක් ඉදිරි කන්නවලදී ඇති නොවීමට නව ක්‍රමවේදයක් සකස් කරනවා. පොහොර සහනාධාර මුදල් පමාවීමට හේතුව මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මේ ගැටලුව ඉදිරියේදී ඇති නොවන්නට අපි කටයුතු යොදනවා. ඉදිරියේදී පොහොර සහනාධාරයට දෙන්නේ මුදල් නම් එය වගාව ආරම්භ කරන විටම දීමට සැලසුම් කර තිබෙනවා. එවිට මෙවැනි ගැටලු උද්ගත වන්නේ නෑ. පොහොර සහනාධාර මුදල් පමාවීම පරණ ක්‍රියාවලිය නිසා සිදු වූවක්. මේ නිසා ගොවීන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. එළැඹෙන යල කන්නයේදී පොහොර සහනාධාරය මෙයට වඩා ක්‍රමවත්ව දෙනවා. මේ ප්‍රශ්නය අපි නිට්ටාවටම සුව කරනවා.
විපක්ෂය මේ පිළිබඳව නොයෙක් චෝදනා එල්ල කරනවා. විපක්ෂයේ අය අවුරුදු 76ක් රට පාලනය කළා. විපක්ෂය ඉතිරි කළේ මස්තබාල්දු රටක්. ඒ අය ඉතිරි කළ ප්‍රශ්න තමයි අපි මේ ලිහන්නේ. හාල්, පොල්, පොහොර, මුදල් ආදී ප්‍රශ්න රැසක් ඒ අය අපට ඉතිරි කර ගියා. මේ ප්‍රශ්න අපි විසඳනවා. අද ඇරැඹූ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් රටම පිරිසිදු කිරීම ඇරැඹුවා. රට ආර්ථික වශයෙන් ගොඩනඟන වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ද විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.”