Tuesday, April 8, 2025
Home » යෝෂිතගෙන් CIDය පැය දෙකක ප්‍රකාශයක් ගනී

යෝෂිතගෙන් CIDය පැය දෙකක ප්‍රකාශයක් ගනී

by yasara
January 3, 2025 1:12 pm 0 comment

අද (3) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබේ.

පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ අතර ඔහු අද උදෑසන 10ට පමණ CID වෙත පැමිණියේය.

 

ඡායාරූප – රුක්මාල් ගමගේ

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT