102
අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ වාණිජ ගොඩනැගිල්ලකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුවාල ලැබූවන්ගෙන් දස දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, අනෙක් අටදෙනා එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා පිටව ගිය බව සඳහන්වේ.
බ්‍රහස්පතින්දා පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර තනි එන්ජිමක් සහිත ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.
එමෙන්ම මියගිය පුද්ගලයින් දෙදෙනා කම්කරුවන් ද නැතිනම් යානයේ සිටි අය ද යන්න පැහැදිලි නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.