Home » පාකිස්තානය නව වසරේදී ඉන්ධන මිල ඉහළ දමයි

පාකිස්තානය නව වසරේදී ඉන්ධන මිල ඉහළ දමයි

by mahesh
January 3, 2025 1:00 am 0 comment

පාකිස්තාන රජය ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් සහ එරට ඛනිජ තෙල් අමාත්‍ය මොහොමඩ් අවුරන්ග්සාබ් අතර පැවැති සාකච්ඡාවකින් පසු එම පියවර ගත් බව පාකිස්තාන ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල ශත 56කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.96කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

නව වසර ආරම්භයේදී ඉන්ධන මිල සංශෝධනය කරන බවට මීට සති දෙකකට පෙර පාකිස්තාන රජය නිවේදනය කර තිබූ බවත්, එම සංශෝධනයට අනුව මිල පහළ දැමීමක් සිදුවනු ඇති බවත් මීට පෙර එරට මාධ්‍ය සඳහන් කර තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීම සිදුවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT