ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඩෙල්ටා ගුවන් යානය ලොස් ඇන්ජලිස් නුවර ගුවන්තොටුපොළේ ධාවන පථයේ සිට ඉහළ නැංවීමත් සමඟ ධාවන පථයේ විරුද්ධ දිශාවෙන් ජෙට් යානය ද ඉහළ නැංවීමට සූදානම් වූ බවත්, එසැනින් ගුවන් මෙහෙයුම් පාලන මැදිරිය ජෙට් යානයට ‘නවත්වන්න… නවත්වන්න.. නවත්වන්න..! ‘යැයි පණිවිඩ නිකුත් කිරීමෙන් විශාල අනතුරක් වැළකී ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම සිදුවීම පිළිබඳ අමෙරිකාවේ ගුවන් සේවා අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
ලොස් ඇන්ජලීස් ගුවන්තොටේදී
යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි
by mahesh
January 3, 2025 1:00 am
0 comment
105
කලින් පුවත
තරුණයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්
මීලඟ පුවත